මහගම සේකර(1929 අප්‍රියෙල් මස 7 – 1976 ජනවාරි මස 14)

  මහගම සේකර  ශ්‍රී ලංකාවෙන් බිහිවුණු අග්‍රගණ්‍ය කලාකරුවෙකු වශයෙන් සැලකේ. ඔහු කවියකු, ගීත රචකයකුනවකතා කරුවකු, කෙටි කතා කරුවකු, නාට්‍ය රචකයකු සහ චිත‍්‍රපට අධ්‍යක්ෂකයෙකු වශයෙන් සුපතල විය. ඔහු වැඩි වශයෙන්ම ප්‍රසිද්ධ වූයේ සිංහල ගීත රචකයෙකු වශයෙනි. සිංහල නිසඳැස් පද්‍ය කලාවේ ඔහු සුවිශේෂී සලකුණක් තැබුවේය.

ළමා කාලය

මහගමසේකර 1929 අප්‍රියෙල් මස 7වන දින ගම්පහ, රදාවානේ දී උපත ලබන ලදී.

මහගම සේකර ගේ චිත‍්‍ර නිර්මාණ

මහගම සේකර ගේ චිත‍්‍ර නිර්මාණ විග‍්‍රහයේ පහසුව තකා කොටස් කීපයකට බෙදා දැක්විය හැකි ය. ඒ

ප්‍රකාශන

අනුවාද

  • ධවල සේනාංකය - (1956)
ශ්‍රීමත් ආතර් කොනන් ‍ඩොයිල්ගේ "ද වයිට් ‍කම්පනි" නම් කෘතියේ අනුවාදයකි

ළමා සාහිත්‍ය

  • පුංචි අයට කයි කතන්දර - (1958)
  • සරු පොළවක් අපට ඇතේ - (1973)
  • කොටි වලිගය - (1990)

කාව්‍ය

  • ව්‍යංගා (‍කේ. ජයතිලක සමඟ) - (1960)
  • සක්වා ලිහිණී - (1962)
  • හෙට ඉරක් පායයි - (1963)
  • මක්නිසාද යත් - (1964)
  • රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත - (1967)
  • බෝඩිම - (1970)
  • නොමියෙමි - (1973)
  • ප්‍රබුද්ධ - (1977)

නාට්‍ය

  • සද්දන්ත සහ තවත් නාටක - (1961)
  • මූදු පුත්තු (ගුණසේන ගලප්පත්ති සමඟ) - (1964)
  • හංස ගීතය සහ වෙනත් නිර්මාණ - (1985)

නවකතා

  • තුංමංහංදිය - (1967)
  • මනෝමන්දිර - (1971)

කෙටිකතා

  • මහගම සේකරගේ කෙටි කතා සහ චිත්‍ර - (1981)

ගීත රචනා

  • මහගම සේකරගේ ගීත - (1972)
  • මහගම සේකර, නොපළ ගීත - (1984)

චිත්‍රපට තිර රචනා

ශාස්ත්‍රීය

  • සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයන්හී රිද්ම ලක්ෂණ - (2001)

සම්මාන

  • 1966 සරසවි චිත්‍රපටි සම්මාන උළෙල‍ - හොඳම ගීත පද රචක සම්මානය, "සාර විට" චිත්‍රපටිය වෙනුවෙන් "මේ සිංහල අපගෙ රටයි" ගීතය
  • 1968 - සරසවි චිත්‍රපටි සම්මාන උළෙල‍ - හොඳම ගීත පද රචක සම්මානය, "සත් සමුදුර" චිත්‍රපටිය වෙනුවෙන් "සිනිඳු සුදු මුදු තලාවේ" ගීතය
  • 1970 - සරසවි චිත්‍රපටි සම්මාන උළෙල‍ - හොඳම ගීත පද රචක සම්මානය, "බිනරමලී" චිත්‍රපටිය වෙනුවෙන් "රටකින් රටකට පාර අසාගෙන" ගීතය

Comments